මෙ.ටො. 350ක දෛනික අවශ්‍යතාවයෙන් ලැබෙන්නේ මෙ.ටො. 25යි : ලාෆ්ස් පාරිභෝගිකයෝ අනාථයි

Spread the love

හිස් ගෑස් සිලින්ඩර් ලක්ෂ 29 ක් බයිසිකල්, ත්‍රීවීල්, කාර්වල පටවාගෙන පාරිභෝගිකයෝ හන්දියක් හන්දියක් ගානේ යමින් සිටින බවත්, ගෑස් හිඟය දිනෙන් දිනම උත්සන්න වන අතරම ගෑස් අර්බුදය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වන බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ලංකාවේ දෛනික ගෑස් අවශ්‍යතාව මෙ.ටො. 1600 කි.  ඒයින් ලාෆ්ස් මෙ.ටො. 350 ක් බෙදාහරින්නේ ලාෆ්ස් සමාගමයි. සපුගස්කන්ද රජයේ තෙල් පිරිපහදුවෙන් ලැබනෙ ගෑස් මෙ.ටො. 25 පමණක් දැනට සමාගම නිකුත් කරයි.  

2015 – 2019 වකවානුවේ ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර ලක්ෂ 32 ක් ද, ලාෆ්ස් සමාගම සිලින්ඩර ලක්ෂ 8 ක් ලෙස ලක්ෂ 40 ක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත. 2020 – 2021 සමයේ තවත් සිලින්ඩර මිලියන 1.2 ක් අලෙවි කර ඇත. මෙරට පවුල් ලක්ෂ 55 කි. ගෑස් සිලින්ඩර මිලියන 11.5 කි. එයින් මිලියන 2.9 ක ට දැන් ගෑස් නැත.

ණයවර ලිපි විවෘත කිරීම සඳහා ඩොලර් නොමැතිවීම, ආනයන මිල හා අලෙවි මිල අතර පරතරය හේතුවෙන් ලාෆ්ස් ආයතනය දැන් විකුණනු ලබන්නේ සපුගස්කන්දෙන් ලැබෙන ගෑස් පමණී. ලිට්රෝ සමාගම වසරේ මුල් මාස 3 තුල රු. බිලියන 3.8 ක් පාඩු ලැබීය.  මේ මාසයේ ලිට්රෝ පාඩුව රු. බිලියන 1.6 ක් පමණ විය හැකිය.  2021 වසරේ ලිට්රෝ සමාගම රු. බිලියන 16 ඉක්මවන පාඩුවක් ලබනු ඇත.

අන්ත දිළින්දන් ඇතුළු මිලියන 22 ක ජනතාවගේ බදු මුදලින් රටේ ජනගහනයෙන් 1/5 කට රජට අඩු මිලට ගෑස් සපයයි.  ශ්‍රී ලංකන් ආකාරයේ දැවැන්ත පාඩු ලබන රාජ්‍ය අයතනයක් ඒමගින් බිහිවෙමින් ඇත. එහි ප්‍රතිඑලය ලෙස රටේ ආර්ථික හා බැංකු පද්ධතිය මුළුමනින්ම කඩා වැටීය හැකිය. 

ලක්ෂ 29 ක් වන පාරිභෝගිකයින්ට ගෑස් ලබාදීමේ වැඩපිළිවෙලක් රජය වහා ඇරඹිය යුතුව ඇත.

Related Posts