මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්
- Editor
- October 11, 2022
- ආර්ථික සහ ව්යාපාරික
- 0 Comments
පසුගිය සැප්තැම්බර් මාසයේදි මෙරටට විදෙස් සංචාරකයින් 29,802 ක් පැමිණ ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.
එසේම මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සංචාරකයින් 526,232 ක් දිවයිනට පැමිණ ඇති අතර 2021 වසරේ එම කාල සීමාව හා සසඳන විට එය 1287.6% ක වර්ධනයක් බවයි සඳහන් වන්නේ.
එම කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉපයු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 946.4ක් බවයි මහ බැංකු දත්ත වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

