මුළු ලෝකයේම අවධානය දිනාගත් ‘නයිජීරියාවේ රාජකීය විවාහය’

Spread the love

ඉහළ ඡායාරූපය – යූසුෆ් බුහාරි සහ සහරා නසීර් බයෙරෝ එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේදී හමු වූහ

නයිජීරියාවේ ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයින් සහ බටහිර අප්‍රිකානු සම්භාවනීය අමුත්තන් ජනාධිපති පුත්‍රයා සහ ප්‍රමුඛ ආගමික හා සාම්ප්‍රදායික නායකයෙකුගේ දියණියගේ විවාහ මංගල්යය සඳහා පැමිණීමත් සමඟ උතුරු නයිජීරියානු නගරයක් වන කැනෝහි ගුවන් තොටුපලේ ධාවන පථය පෞද්ගලික ජෙට් යානාවලින් පිරී ගොස් තිබෙනවා.

නයිජීරියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන යූසුෆ් බුහාරි (Yusuf Buhari) එරට වඩාත්ම බලවත් ආගමික නායකයෙකුගේ දියණියක වන සහරා නසීර් බයිරෝ (Zahra Nasir Bayero) සමඟ විවාහ වීම නයිජීරියාවේ පමණක් නොව සමස්ත අප්‍රිකානු කලාපයේම අවධානය දිනගෙන තිබෙනවා.

කැනෝ ප්‍රාන්තයේ පිහිටි බිචි එමීර් (Emir of Bichi) මාළිගාවේ පැවති උත්සවයට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වුණා.

එක් ඉතිහාසඥයෙක් පැවසුවේ ජනාධිපති සහ රාජකීය පවුල් අතර නයිජීරියාවේ පෙර නොවූ විරූ මංගල උත්සවයක් පැවති බවයි.

මෙම යුවළ එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේදී හමු වූ බවයි නයිජීරියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

මනාලියගේ පියා වන නසීර් අඩෝ බයෙරෝ නිල වශයෙන් බිචිහි එමීර් ලෙස කිරුළු පැළඳීමත් සමඟ ඊයේ (21) උත්සවය පැවතුනි. ඔහුගේ සහෝදරයා නයිජීරියාවේ ඉස්ලාමීය නායකයෙකු වන කානෝ එමීර් ය.

නමුත් මෙම උත්සවය සදහා නව යුවළ නොපැමිණි බවයි වාර්තා වන්නේ.

බිචි එමීර්වරයා කාර්යාල කාර්ය මණ්ඩලය අල්ලාගෙන සිටී
ඊයේ පැවති තවත් විචිත්‍රවත් උත්සවයකදී බිචි එමීර්වරයාට (සුදු පැහැයෙන්) කාර්යාල කාර්ය මණ්ඩලය විසින් සුභපැතුම් පිරිනමන අයුරු‍ෙ
යූසුෆ් බුහාරි
යූසුෆ් බුහාරි යනු ජනාධිපතිවරයාගේ එකම පුත්‍රයාය.

මනාලයාගේ පවුල මනාලියගේ මිල ලෙස ඩොලර් 1200ක් ගෙවා ඇත. එය උතුරු නයිජීරියාවේ විවාහයකදී මනාළියට ගෙවන සාමාන්‍ය ප්‍රමාණය මෙන් 10 ගුණයක් පමණ වේ.

නයිජීරියාවේ බී.බී.සී වාර්තාකරු පවසන්නේ මනාලියගේ මංගල උත්සවයට පෙර ගත් ඡායාරූප සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට තුඩු දුන් බවයි.

‘‘එම ඡායාරූපවල ඇයගේ උරහිස් පෙනෙවා. එ නිසා ඇතැමුන් ඇගේ ඇඳුම් “සදාචාර විරෝධී” ලෙස හැඳින්වූ අතර අනෙක් අය ඇයව ආරක්ෂා කළා‘‘

මෙම උත්සවය සඳහා පෞද්ගලික ගුවන් යානා 100ක් පැමිණි බව ඇතැම් මාධ්‍ය වාර්තා වල සදහන් වුවත් ගුවන් තොටුපල නිලධාරියෙක් බීබීසියට පැවසුවේ ඇත්ත වශයෙන්ම පැමිණි පුද්ගලික ගුවන් යානා ගණන 50 කටත් අඩු බවයි.

කෙසේ වෙතත්, කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් උත්සවයට අමුත්තන්ගේ සහභාගීත්වය සීමා කර තිබෙනවා. අමුත්තන්ගෙන් බොහෝ දෙනෙක් මුහුණු ආවරණ පැළඳ සිටි අතර නයිජීරියාව දැනට ආසාදිතයින් ඉහළ යාමක් පාලනය කිරීමට මහත් වෙහෙසක් දරමින් සිටිනවා.

ජනාධිපති මුහම්මදු බුහාරි සහ ඔහුගේ පුත් යූසුෆ්
විවාහයට පෙර ජනාධිපති මුහම්මදු බුහාරි සිය පුත්‍රයාගෙන් ආචාර ලබන අයුරු

විවාහ උත්සවයේදී දැඩි ආරක්‍ෂාවක් තිබූ අතර පොලිසිය සහ හමුදා නිලධාරින් මාළිගාව ආරක්‍ෂා කරමින් අසල උපායමාර්ගික ස්ථානවල ස්ථාන ගත කර තිබුණි.

බිචි මාළිගාව
සති අන්තයේ උත්සව සඳහා බිචි එමීර්ගේ මාළිගාව සූදානම් කර ඇති අයුරු
බිචි එමීර් සහ ජනාධිපති බුහාරි
රූප ශීර්ෂ පාඨයනැන්දම්මා: බිචි එමීර් (වමේ) සහ ජනාධිපති බුහාරි
ජනාධිපති බුහාරි දෙස බලා සිටි ජනතාව
ජනාධිපති බුහාරි බිචි වෙත පැමිණි අයුරු

මෙම විවාහ මංගල්‍යයම පැවැත්වූයේ සුදුසුකම් ලත් ඉමාම්වරයෙකු වන සන්නිවේදන ඇමති ඊසා අලි පන්තමි විසිනි.

විපක්ෂ නායකයින් ඇතුළු රට පුරා සිටින ඉහළම දේශපාලනඥයින් සහ සම්ප්‍රදායික පාලකයින් ගුවන් මගින් පැමිණ සිටියහ. ඒ අතර ජනාධිපති මුහම්මදු බුහාරිගේ පූර්වගාමියා වූ ගුඩ්ලක් ජොනතන් ද විය.

ගැම්බියාවේ ආර්යාව වන ෆටූමාටා බා බැරෝ සහ අසල්වැසි නයිජර්හි හිටපු ජනාධිපති මුහම්මදු ඉසුෆු ද විදේශීය අමුත්තන් අතර වූහ.

යූසුෆ් බුහාරි සහ සහරා බයිරෝගේ මංගල ඡායාරූප: ජනාධිපති මුහම්මදු බුහාරිගේ පුතා ෆාතිහා ඡායාරූප
අයිෂා බුහාරි (මැද දකුණේ) ඇගේ ගැම්බියානු සගයා වන ෆටූමාටා බා බැරෝ (මැද වමේ) ඇතුළු ප්‍රභූ කාන්තාවන් සමග

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Related Posts