මී උණ රෝගයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය

Spread the love

මී උණ රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශ පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ.
මේ යටතේ මී උණ රෝගය ව්‍යාප්තව ඇති ප්‍ර‍දේශවල පස් හා ජල සාම්පල කොළඹට ගෙනැවිත් පරීක්ෂා කරන බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක සදහන් කළේය.
පරීක්ෂණයෙන් අනතුරුව අදාළ ප්‍රදේශවල මී උණ රෝගය පවතින බවට අනතුරු ඇඟවීම් හා අවවාද නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
මේ මස ගත වූ දින 16 තුළ මී උණ රෝගීන් 158 දෙනෙකු වාර්තා වී ඇති අතර අදාළ කාලය තුළ මාතර දිස්ත්‍රික්කයෙන් පමණක් මී උණ රෝගීන් 35 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වසරේ මේ දක්වා පුද්ගලයින් 5,096 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි එම සංඛ්‍යාව 1,410 වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 418 දෙනෙකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 455 දෙනෙකු ද මී උණ රෝගයට ගොදුරු වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති බවයි.

RSL

Related Posts