මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා 155ක්
- Editor
- July 18, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කර ඇති සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී තිබේ.
මෙයට අමතරව, මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා හා අදහස් 155ක් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසීය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීම සඳහා ලබා දී තිබූ කාලය ජූලි 15 වැනිදා අවසන් විය.
ඒ අනුව, යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (උඩු නුවර ශාඛාව) ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ලිබරල් පක්ෂය, ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය, ප්රජාතන්ත්රවාදී එක්සත් ජනතා පෙරමුණ, සමස්ත ලංකා දමිල සභාව, එක්සත් සාම පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, දමිල සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය, සමාජවාදී සංධානය, සිංහලදීප ජාතික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, සමත්තුව කච්චි සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන දේශපාලන පක්ෂයි.
ඉදිරිපත්ව ඇති යෝජනා ඉදිරියේදී පැවැත්වෙන විශේෂ කාරක සභා රැස්වීම් වලදී අවධානයට ලක් කිරීමට නියමිතය.
මේ අතර පසුගිය 14 වැනිදා විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටි මෙරට ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය සිය යෝජනා දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කාරක සභාවේ සාජිකයන් වෙත ඉදිරිපත් කළේය.
විශේෂ කාරක සභාවේ මීලඟ රැස්වීම ලබන ජූලි 28 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

