මහ කන්නය කාලකණ්නි කරන්න එපා – නාමල් කරුණාරත්න

Spread the love

ඉදිරි මාස් කන්නයේ ගොවිතැන් බත් කිරීම සඳහා මේ දිනවල රට පුරා ගොවි සංවිධාන රජයේ නිලධාරීන් සමග කන්න රැස්වීම් පැවැත්වෙන බවත් එම රැස්වීම් තුළ ගොවීන් සහ රජයේ නිලධාරීන් අතර ගැටුම  රජය ඇති කර තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 08 දින පැවසීය.

රටපුරා කන්න රැස්වීම් පැවැත්වෙද්දී  රජයේ නිලධාරින් සහ ගොවීන් අතර ගැටුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා දඹුල්ල අතුපාර යාය ප්‍රදේශයේ ගොවි මහතකුගේ නිවසේ මාධ්‍ය  හමුවක් කැඳවමින් නමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.

කන්න  රැස්වීම්ක් පවත්වනු ලබන්නේ ඉදිරි කන්නයේ සැලසුම් සකස් කිරීමට බවත්  වර්තමානයේ සිදුව ඇත්තේ වැව්වල වතුර තිබිය දී, ගොවීන් සිටියදී කුඹුරුත් තිබියදී ගොවිතැන් කිරීම සඳහා ජලයට කලින් පොහොර  ඉල්ලා  ගොවීන් කෑ ගසන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් ලංකා ඉතිහාසයේ කිසිම කලක සිදුවී නොමැති බවත් එය  බරපතළ තත්ත්වයක් යැයි පෙන්වා දෙන නමල් කරුණාරත්න මහතා වැඩි වැඩිදුරටත් කියා සිටියේ  කන්නය සඳහා කාබනික පෝර ලබා දීමට රජය  සූදානම් බවට ප්‍රකාශ කළත් එම  සූදානම් කෙසේ දැයි තමන් රජයෙන් ප්‍රශ්න කරන බවය.

 මේ  වන වේ වන විට රජය තේ වගාව සඳහා රසායනික පෝර ගෙන්වීමට සූදානමක් පවතින බවත් එමෙන්ම ගොවීන් නිෂ්පාදනය කොට ඇති කාබනික පොහොර මෙම කන්නයේ යොදා ගැනීමට නොහැකි බවද පෙන්වා දුන්නේය.

“මෙවර මහ කන්නයේ කන්ඩ එපා, කාලකාලකන්නි කරන්න එපා, ගොවියා සහ  නිලධාරියා අතර  ගැටුම් තව තවදුරටත්  ඉදිරියට යන්න දෙන්න එපා. මේ අවස්ථාවේ ගොවීන්ට ද අපි අවධාරණය කරනවා ගැටුම් හදා ගත යුත්තේ රජයේ නිලධාරීන් සමග නොවෙයි කියලා. මේ ගැටුව නිකාරණය කර ගත යුත්තේ පාලකයන් සමඟයි. අද  ගොවි ජනතාවට වඩා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයට තොරතුරු ලබාදෙන්නේ රජයේ නිලධාරීන්. මේ නිලධාරීන්ට පවතින ගැටළුවලට උත්තර රජය දීලා නැහැ. ඒ නිසා නිලධාරීන් අපට කියන්නේ මේකට කඩිනමින් රජයේ අවධානය යොමු කරවන්න කියලා. ඉදිරි මහ කන්නය ලංකා ඉතිහාසයේ අඩුම භූමි  ප්‍රමාණයක් වගා කරන, අඩුම අස්වැන්නක් ලැබෙන කන්නයන් බවට පත්වීමේ අවදානමක් තියෙනවා. ඒ සමග කෘෂිකර්මාන්තය ඉතිහාසයේ මහා ආහාර අර්බුදයකට යනවා ” යැයි ද නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.

කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts