මහකන්නයට කෘමිනාශක හා වල්නාශක බෙදාහැරීමේ වැඩපිළිවෙළක්.
- Editor
- November 8, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික, කෘෂිකර්මය
- 0 Comments
මහ කන්නයේදී වී වගාව සදහා අවශ්‍ය සියලු කෘමිනාශක සහ වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
කෘමිනාශක හා වල් නාශක බෙදා හරිනු ලබන සියලු පෞද්ගලික ආයතන සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර පැවති සාකච්ඡාවකදී එම වැඩපිළිවෙල සදහා එකගතාව පළ වී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වී හා අනෙකුත් වගාවන්ට අවශ්‍ය කෘමිනාශක හා වල්නාශක ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මුදල්වලින් පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම සිදු කිරීමට නියමිතයි.
ඉන්පසු එම සමාගම්වලින් ලබාදෙන වට්ටම් අනුව එහි සදහන් මිලට වඩා සියයට 5ක හෝ 6ක මිල අඩු කිරීමක් යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් සියලු කෘමිනාශක හා වල්නාශක ගොවි ජනතාව වෙත අලෙවි කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

