මන්ත්‍රී දුමින්ද තර්ජනය කළ බවට පොලීසියට පැමිණිල්ලක්

Spread the love

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා තමාට තර්ජනය කළ බවට කොටිකාවත්ත – මුල්ලේරියා ප‍්‍රදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් 31 දින අදාළ පැමිණිල්ල ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජිත් සමරනායක වෙත ඉදිරිපත් කර තිබේ.

තමා විසින් අගෝස්තු 31 දින ගොතටුව ඇල්හේනේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් ගේ සුහද හමුවක් පැවැත්වීමට කටයුතු කළ බවත් එසේ සිටියදී දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් පැමිණ සුහද හමුව නොපවත්වන ලෙස තර්ජනය කළ බවත් සෝලංගආරච්චි මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දුන් බවත් තමා හට හැතිවරණ ව්‍යාපාරය නිදහසේ කරගෙන යාමට ඉඩදෙන මෙන් ඉල්ලා පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් එහි සඳහන් වේ.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය ඉදිරියේ අද (14 ඔක්.) විභාගයට ගැණුනු විටදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධව කිසිඳු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

පැමිණිල්ලට අදාලව වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වමින් සිටින බවද වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

RSL

Related Posts