භාරතගේ ඝාතකයෝ ආරක්‍ෂක අමාත්‍යංශයට යාබදව සිටි අය – ජෙනරාල් ෆොන්සේකා
- RSL
- October 13, 2011
- Uncategorized
- ජෙනරාල් සරත් ෆොන්සේකා
- 0 Comments
සුදු කොඩි සිද්ධිය හා හයිකොප් සම්බන්ධ නඩු විභාග සඳහා පෙනී සිටීමට ඊයේ (12 ඔක්.) බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ අළුත්කඬේ අධිකරණයට පැමිණ ඉන් පිටවී යන අවස්ථාවේදි හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය අමතා කියා සිටියේ භාරත ලක්‍ෂ්මන්ගේ ඝාතකයෝ ආරක්‍ෂක අමාත්‍යංශයට යාබදව සිටි අය බවයි.
‘දැන් මේ රටේ තියෙන්නේ ඛේදනීය සමාජයීය හා දේශපාලන ක‍්‍රමයක්. දුර්ජන පාලකයා ඊට වගකිව යුතුයි.’ ජෙනරාල්වරයා තවදුරටත් එසේ පැවසීය.