පොදුරාජ්‍ය මණ්‌ඩලීය බර එසවීමේ ශූරතාවලියේදී චතුරංග සහ හංසනී පදක්‌කම් දිනති

Spread the love

පොදුරාජ්‍ය මණ්‌ඩලයීය බර එසවීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් ඔස්‌ටේ්‍රලියාවේ ගෝල්ඩ් කෝස්‌ට්‌ නගරයේ පිහිටි විනෝදාංශ ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය බර එසවීමේ ශූරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (05 දා) චතුරංග ලක්‌මාල් (රිදී) සහ හංසනී ගෝමස්‌ (ලෝකඩ) ශ්‍රී ලංකාවට පදක්‌කම් දිනා දිනා දීමට සමත් වූහ.

කි.ග්‍රෑ. 56 ට අඩු බර පංතිය යටතේ කි.ග්‍රෑ. 24- ක බර ප්‍රමාණයක්‌ සාර්ථකව ඔසවමින් රිදී පදක්‌කම දිනා ගැනීමට චතුරංග ලක්‌මාල් සමත් විය. ඔහු එසවූ කි.ග්‍රෑ. 117 ක බර ප්‍රමාණය නව ශ්‍රී ලංකා වාර්තාවක්‌ද විය. කි.ග්‍රෑ. 114 ක්‌ ලෙස පැවැති ශ්‍රී ලංකා වාර්තාව අභිබවා ගිය චතුරංග ක්‌ලීන් ඇන්ඩ් ජර්ක්‌ ක්‍රමයට කි.ග්‍රෑ. 130 ක්‌ එසවීමට සමත් විය.

2016 වසරේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්‌කමක්‌ දිනා ගනිමින් ජාත්‍යන්තර පළමු පදක්‌කම දිනා ගත් චතුරංග ලක්‌මාල් පොදුරාජ්‍ය මණ්‌ඩලීය පදක්‌කමක්‌ දිනූ පළමු අවස්‌ථාවද මෙය වේ.

කාන්තා අංශයේ තරගයේදී කි. ග්‍රෑ. 48 ට අඩු බර පංතිය යටතේ තරග වැදුනු දිනුෂා හංසනී සමස්‌ත බර කි.ග්‍රෑ. 147 කි. මේ අතර සුදේශ් පීරිස්‌ සහ තිලංග පළගසිංහ යන ක්‍රීඩකයන්ද ඊයේ සවස කිලෝ ග්‍රෑම් 62 ට අඩු බර පංතිය යටතේ තරග කිරීමට නියමිතව තිබුණි. අද ඉන්දික දිසානායක සහ චතුරිකා ප්‍රියන්ති තරග වැදීමට නියමිතය.

-අනුරුද්ධ හේරත් බණ්‌ඩාර –

RSL

Related Posts