පාන් ගෙඩියක් රු.10කින් ඉහළ දැමීමේ සූදානමක්

Spread the love

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

ලංකාවේ ප්‍රධාන තිරිඟු පිටි සැපයුම්කරු වන සෙරන්ඩිබ් ආයතනය පසුගිය සතියේ සිට පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩිකර ඇති ඇති බවත් එම නිසා මෙම තීන්දුව ගත් බවත් ජයවර්ධන මහතා සදහන් කළේය.

‘‘ඩීසල් වැඩි කිරීම නිසා මීට පෙර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5ත් 10ත් අතර මිලකින් ඉහළ දැමීමට සිදු වුණා. නමුත් ඒ අවස්ථාවේ පාන් මිල ඉහළ දැමීමක් සිදු වුණේ නැහැ. නමුත් තිරිඟු පිටි මිල රුපියල් 18කින් ඉහළ දැමීම නිසා අපට මේ තීන්දුව ගැනීමට සිදු වෙනවා‘ යැයි ද ඔහු සදහන් කළේය.

Related Posts