නුවරඑළියේ ගොවි ගැටළු වලට හිරණ්‍යා හේරත්ගෙන් ස්ථිර විසදුම්

Spread the love

වලපනේ කොල්ලල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නුවරඑළිය දිස්ත්‍රීක් සමගි ජන බල වේග අපේක්ෂිකා, නීතීඥ හිරණ්‍යා හේරත් මහත්මිය විසින් ප්‍රදේශයේ වර්තමානය වන විට පවතින සුවිශේෂී වූ ගැටළු කිහිපයක් ගැන අවදානය යොමු කර, ඒ සදහා ඇය විසින් ගනු ලබන ප්‍රායෝගික හා කාලීනමය විසදුම් කිහිපයක් ගැන ප්‍රදේශයේ ජනතාව දැනුවත් කළාය.

ඒ අනුව ප්‍රදේශයේ ප්‍රධානතම ජීවනෝපාය වන ගොවිතැන, ගොවි මහතුන් සහ ඒ ආශ්‍රිත රැකියාවන්හි යෙදෙන පුද්ගලයන් මුහුණ දෙන ගැටළු පිළිබදව දීර්ඝ ලෙස පැමිණ සිටි පුද්ගලයින් සමග සාකච්චා කර, ඒ ඒ ගැටළු වලට අදාල විසදුම් පහත ආකාරයට ගෙනහැර දැක්වූවා ය. මෙහිදී ප්‍රධානතම ගැටළුව ලෙස ගොවි මහතුන් තම කෘෂි නිශ්පාදන වගාකිරීමේදී, අලෙවි කිරීමේදී පවතින දුෂ්කරතා පිළිබඳව ඇය දැනුවත් කළ අතර, එයට විසදුම් ලෙස තමන් විසින් මේ වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර ඇති බවත්, ඇතැම් සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවත්, දන්වා සිටි අතර ඒ වෙනුවෙන් පහත ක්‍රියාමාර්ග පිලිබද දැඩි අවදානයක් යොමුකර ඇති බව දන්වා සිටියා ය.

කෘෂි කාර්මික බෝග වගාවේදී අත්‍යවශ්‍යම සාධක වන ජල ගැටළුව විසදීම සදහා පවතින වැව් අමුණු ප්‍රතිසංස්කරණය සහ නව ජල සම්පාදන ක්‍රම ඇති කරන බවට පොරොන්දු වූ අතර, ඇය සංවිධායක දූරයේ සිටින විටදී මේ පිළිබද විශේෂ අවධානය යොමු කර ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර වැඩ නිම කරවා ඇති බවද පැවසූ අතර, තරුණ පරම්පරාව කෘෂි නිෂ්පාදන වලින් ඈත් වීම උග්‍ර ගැටළුවක්ව පවතින බැවින් කෘෂිකර්මයට නැඹුරු කිරම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත්, නවීන කෘෂි තාක්ෂණික ක්‍රම හදුන්වාදීමටත් ඇය අදහස් කරයි. දිස්ත්‍රීක්කය තුලම කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා ගබඩා කිරීමට සහ ඇසුරුම් කිරීමට අවශ්‍ය පහසුකම් ගොඩ නැගීමටද හැකි බව වැඩිදුරටත් පවසා සිටියා ය.

දිස්ත්‍රික්කයේ අනෙකුත් දේශපාලන නායකයින් ඡන්ද කාලවලදී පමණක් ගොවියාගේ ප්‍රශ්න විසදානවා යැයි පැවසූවත්, මැතිවරණයෙන් පසු ඔවුන් සොයා ගැනීමට කොළඹට යාමට සිදු වන බව පැවසූ අතර, නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මියගේ මව වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය රේණුකා හේරත් මහත්මිය මෙන් නුවරඑළියේ රැදෙමින් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

RSL

Related Posts