නීතිය අතට ගැනීමට කිසිවෙකුට අයිතියක් නැහැ – ජනාධිපති මහින්ද රාජපක්ෂ

Spread the love

නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය සතු වගකීමක් බවත් පොලිසිය හා විවිධ ගැටුම් ඇතිකර ගන්නා ඇතැම් පිරිස් නීතිය අතට ගැනීමට උත්සාහ දරන බවත් එලෙස නීතිය අතට ගෙන ක්‍රියාකිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි කියා සිටියි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටි‍යේ රුපියල් මිලියන 240 ක වියදමින් ඉදිකෙරුණු තංගල්ල මූලස්ථාන පොලිසියේ සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (06 නොවැ.) පැවැති උත්සවයකදීය.

“අද පොඩ්ඩක් එහා මෙහා උනොත් දුවලා ඇවිල්ලා පොලිසියට ගහනවා. එහෙම නැත්නම් පොලිසිය ‍ගිනි තියනවා. මෙහෙම ගොඩනැගිලි හදලා වැඩන් නෑනේ පොලීසි ගිනි තියන්නනම්. දැන් ඒක පුරුද්දක් වෙලා. නීතිය කාටත් සාධරණයි. නීතිය අතට ගන්න සූදානම් වෙන්න එපා. පොලිසියට විරුද්ධව යම් පැමිණිල්ලක් තියෙනවානම් ඒක අපි අකුරට ඒ පැමිණිල්ල පරික්ෂා කරලා නඩු දාන්න පුළුවන්. පොලීසියේ බලතල ජනතාවට ගන්න පුළුවන් කමක් නෑ”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා මෙසේ පැවසීය.

“දැන් හුඟක් අය කතා කරනවා, මේ මානව අයිතිවාසිකම් ගැන ජිනීවා යන්න බෑ ලෝකේ කොහේවත් යන්න බෑ. මගෙන් අහන්නේ මානව අයිතිය. ඒ ලොකු රටවල් වල කරන මානව අයිතිවාසිකම් ගැන මම කියන්න යන්නේ නෑ මෙතනදි. දැන් තියෙනවා වර්ෂයක් පාසා ලංකාවේ ලෝකේ රටවල් සමීක්ෂණයකට භාජනය කරනවා. මේ ටෝචර්, සාමාන්‍ය කෙනෙක් කෙනෙකුට ගැහුවොත් සමථ මණ්ඩලයට යන්න. හැබැයි ‍පොලිසියට තියෙන නීතිය ඊට වඩා සැරයි. ඒක හින්දා මේ රටේ නීති පද්ධතිය දෙපැත්තටම තියෙනවා, දෙපැත්තක් තියෙනවා”

RSL

Related Posts