නියඟයෙන් පීඩාවට පත්වූවන්ට අද සිට වියලි සලාක සහන මල්ලක්

Spread the love

නියඟයෙන් පීඩාවට පත් පවුල් සඳහා වියළි සලාක මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කර තිබේ.

ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියන්වල මහතා සඳහන් කළේ, නියඟයෙන් පීඩාවට ලක් වූ ජනතාව ජීවත්වන දිස්ත්‍රික්ක 16ක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව සාමාජිකයින් දෙදෙනෙකු සිටින පවුලක් සඳහා රුපියල් 2000 ක වටිනාකමින් යුත් සහන මල්ලක් ද ඊට වැඩි සාමාජිකයින් සිටින පවුල් සඳහා රුපියල් 2500 ක් වටිනා සහන මල්ලක් ද ලබාදෙන බව ඔහු සඳහන් කළේ ය.

සති දෙකකට වරක් මෙම සලාක මල්ල ලබාදීමට කටයුතු කරන බව ලේකම්වරයා පැවසුවේ ය.

RSL

Related Posts