ධානිෂ් අලී රිමාන්ඩ් කිරිමට නියෝග

Spread the love

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීකයෙකු වූ ධානිෂ් අලී ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එදිනට සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙන්නේ.

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.