හෙට රාත්‍රී 11 සිට 17 වැනිදා අළුයම 4.00 දක්වා මුළු රටටම සංචරණ සීමා
- Editor
- May 12, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Covid-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස හෙට (13) රාත්‍රී 11 සිට සිට මැයි 17 වැනිදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා කරන බව කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහාත්, බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහාත් අවසර හිමි වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

