දික්අරාව පවුල් 30ක් ඉවතට

Spread the love

බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100කට පමණ ඉවත් වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එම පවුල් සඳහා ඉවත් වීමට අද සවස බස් රථ යවා තිබුන ද ජනතාව එම බස් රථ හරවා යැවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඉවත් වන පවුල් බණ්ඩාරවෙල බිඳුණු වැව යොවුන් සේනාංක පරිශය වෙත යැවීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් මේ වන විට පවුල් 30ක් අවධානම් සහිත ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ. මෙම තත්ත්වය මතුව ඇත්තේ බණ්ඩාරවෙල නගරයට ඊයේ (27දා) ඇතිවූ ධාරාණිපාත වර්ෂාවත් සමඟයි.

මේ වන විට උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතුවලදී ඇතිවූ භූමි පැල්මකින් හදිසියේ ජල බුබුළක් මතුවී ගලායාම සමග මෙම අවදානම මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

RSL

Related Posts