දැඩි නියඟයෙන් පුත්තලමේ ජනතාවට පීඩා
- RSL
- October 24, 2011
- Uncategorized
- 0 Comments
මාස කිහිපයක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව ජල ගැටලුවකට මුහුණ පා සිටී. ඒ අතරට පුත්තලම දිස්ත්‍රික්කයත් අයත් වේ.
මාස කිහිපයක සිට පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව තම ජල අවශ්‍යතා සපුරාගැනීමට දැඩි වෙහෙසක් දරනු ලැබේ. ඔවුන් ඊට වැඩි වශයෙන් තබ්බෝව ජලාශය උපයෝගි කර ගනී.
වැව් දියෙන් ගොවිතැන් කරන තමන්දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ගොවීහූ පවසති.
මෙවැනි පසුබිමක් තුළ ප්‍රදේශයේ ජනතාවට තම ජල අවශ්‍යතාවය සපුරාගැනීමට සිදුව ඇත්තේ ජලයට මිලක් ගෙවමිනි.
තම දෛනික ජීවිතයට අත්‍යාවශ්‍ය ජලය ලබාදීමට යම් පියවරක් ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.