දමිළ ජනයාගේ අයිතීන් ලබාදීම කළ යුතුයි – මහාචාර්ය ජී. එල්. පීරිස්

Spread the love

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට එමගින් දෙමළ ජනතාවගේ අයිතීන් ලබාදීම කළ යුතු බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාව පත් කිරීම අනිවාර්ය අංගයක් බැවින් හැකි ඉක්මනින්ම තේරීම් කාරක සභාවක් පත් කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කර සිටී.
‘රාවය’ පුවත්පත විසින් කළ විමසිමකදී ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ, ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම පිළිබඳව යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඔක්තෝබර් මාසයේ දී පත් කිරිමට තීරණය කර ඇති බවයි.
දෙමළ ජාතික සන්ධානය මෙහි ප‍්‍රධාන පාර්ශ්වයක් විය යුතු බවත්, ඉළඟ පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී මෙම තේරිම් කාරක සභාව පිළිබඳව සාකච්ඡා කර එය කළ යුතු ආකාරය තීරණය කරන බවත් විදේශ අමාත්‍යවරයා පවසයි.

RSL

Related Posts