දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කොට ඇත්තේ මෙරට මූලික උවමනාවන් ජන අභිලාෂයන් නොකතකමින් බවත් එය, ඇතමුන්ගේ ජීවන සතුට හා ඥාති සම්බන්ධතා අහිමි කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරංවශ මහතා කියා සිටියි. වීර මොනරවිල කැප්පෙටිපොල නිළමේවරයා දිවි පුදා වසර 193 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඉදිරි කාලය තුළ දී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන අභියෝග වැඩිවනු ඇති බව එහිදී සදහන් කල විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේද පැවසිය.
“ගොවියගේ කුඹුර ඒ පැත්තේ හිටියොත් ඒකට මේ පැත්තට එන්න ආයේ අර වටරවුම් මාර්ගයක් හරහා එන්න වෙනවා. දැන් කුඹුරේ ඉතිරි කෑල්ල කොහොම ද කරන්නේ කියලා ඒ ගොවියා ඔළුවෙ අත තියාගෙන කල්පනා කරනවා.
අපි පිඹලා යනවා. අඩු ගානේ මේ පරිසරය ගැන මේ කෘෂිකර්මාන්තය ගැන මොකක් හරි හාංකවිසියක හැගීමක් තිබ්බනම් කීයක් හරි වැඩියෙන් ගියත් අර කොන්ක්‍රීඩ් කණු උඩ එපැයි ඔය පාර හදාගන්න ඒක හිතන්නේ නැත්තේ ඇයි. ඊළඟට නෑදැයෝ වෙන්කරනවානේ දෙයි හාමුදුරුවනේ අර පැත්තේ හිටියා තාත්තා මේ පැත්තේ හිටියා දූ. දැන් ඉතින් පළයං වටරවුම් මාර්ගයෙන් එන්න වෙනවා. ඕක හදන්නම ඕනි නම් අර කොන්ක්‍රීට් කණු උඩ ගියා නම් ඕක අස්සෙන් රිංගලා යයිනේ යන මිනිහෙක්. දැන් මේකේ පස් කණ්ඩිය හින්දා බල්ලෝ එන එක නවත්තන්න වෙනම දැලක් දාලා ඒ දැලට යන්න ඇති සෑහෙන වියදමක්“.