ඉන්දියානු තෙත් බිම් පහක් ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් රැම්සාර් තෙත්බිම් ලෙස පිළිගැනීමට ලක්ව ඇත. ඉන් තුනක් තමිල්නාඩුවේ පිහිටා ඇත; මධ්‍ය ප්‍රදේශ් සහ මිසෝරාම් එක බැගින් ඇත.මේ අනුව, ඉන්දියාවේ මුළු රැම්සාර් අඩවි සංඛ්‍යාව මේ වන විට 49 සිට 54 දක්වා ඉහළ ගොස් තිබේ.

රැම්සාර් ලැයිස්තුවට එකතු කරන ලද තෙත්බිම් වනුයේ

* තමිල්නාඩුව: කරිකිලි කුරුළු අභයභූමිය, පල්ලිකරනෙයි වගුරු රක්ෂිත වනාන්තරය, තමිල්නාඩුවේ පිචවරම් කඩොලාන.

* මධ්‍ය ප්‍රදේශ්: ශාක්‍ය සාගර්.

* මිසෝරාම්: පාල තෙත්බිම.

මෙම වර්ධනය නිවේදනය කරමින් ඉන්දීය පරිසර, වන සහ දේශගුණික විපර්යාස අමාත්‍ය භූපේන්ද්‍ර යාදව් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

2022 පෙබරවාරි මාසයේදී ඉන්දීය රජය පැවසුවේ ගුජරාටයේ ඛිජාඩියා වනජීවී අභයභූමිය සහ යූපී හි බකීරා වනජීවී අභයභූමිය මෙම කීර්තිමත් ලැයිස්තුවට එකතු කිරීමත් සමඟ දකුණු ආසියාවේ විශාලතම රැම්සා අඩවි ජාලය ඉන්දියාව සතු බවයි. මෙමගින් ඉන්දියාවේ මුළු රැම්සාර් අඩවි සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබුණි.

රැම්සා යනු 1971 පෙබරවාරි 2 වන දින තෙත්බිම් පිළිබඳ සම්මුතිය සම්මත වූ ඉරාන නගරයේ නමයි. ජාත්‍යන්තර ගිවිසුමේ අරමුණ වූයේ ලොව පුරා තෙත්බිම් සංරක්ෂණය සහ ඥානවන්ත භාවිතය ප්‍රවර්ධනය කිරීමයි.

තෙත්බිම් පරිසර පද්ධති සේවාවන් රාශියක් සපයයි.ඒ අතර ආහාර, ජලය, තන්තු, භූගත ජලය නැවත ආරෝපණය කිරීම, ජලය පිරිසිදු කිරීම, ගංවතුර පාලනය සහ දේශගුණික නියාමනය වැනි වැදගත් සම්පත් වේ.ඒවා ප්‍රධාන ජල මූලාශ්‍රයන් ද වේ.තෙත් බිම් වර්ෂාපතනය තුළින් පොළොවට පතිත වන ජලය රඳවා ගැනීමට සහ භූගත ජලය නැවත භූගත ජලය නැවත ආරෝපණය කිරීම උපකාරී වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්