ඩීසල් හිඟ වීම නිසා අද පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි
- RSL
- August 26, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙලෙස බස් ධාවනය අඩුවී ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.
මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

