ධවල මන්දිරය අවධාරණය කළේ ඉන්දියාව එක්සත් ජනපදයට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු ලෙස පවතින බවයි.

ඉන්දියාව අත්‍යවශ්‍ය හවුල්කරුවකු ලෙස එක්සත් ජනපදය සලකන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරීන් ජීන් පියරේ ධවල මන්දිර දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වෙත පැවසීය. විවෘත ඉන්දු පැසිෆික් කලාපයක එක්සත් ජනපද-ඉන්දියා උපායමාර්ගික හවුල්කාරිත්වය පදනම් වී ඇති බව ඇය පැවසුවාය.

නීතියේ ආධිපත්‍යය සහ මානව නිදහස සහ අභිමානය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසූ බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය පැවසීය. ඇය මේ බව පැවසූයේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ සන්ධානය පිරිහෙන්නේ දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.

ඉන්දියාව සමඟ පවතින ද්විපාර්ශික සබදතා පිළිබඳ එක්සත් ජනපදයට මනා විශ්වාසයක් පවතින බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය පැවසීය.මේ අතර ජනතාව සඳහා සාමය, සමෘද්ධිය, ආරක්ෂාව සහතික කරන නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක අවශ්‍යතාව ඇය පැහැදිලි කලාය.

“එබැවින් අපි මෙය අඛණ්ඩ හවුල්කාරිත්වයක් ලෙස කැපවීමක් ලෙස දකිමු,” ධවල මන්දිර මාධ්‍ය ලේකම් වැඩිදුරටත් පැවසීය.

ජනතාව තම නිදහස සඳහා අඛණ්ඩව අරගල කරමින් සිටින බව සහතික කිරීම සඳහා එක්සත් ජනපදය ජාතියට ආරක්ෂක සහය ඩොලර් බිලියන 3කින් වැඩි කරන බව නිවේදනය කර ඇත. ඒ අතරම එක්සත් ජනපදය යුක්රේනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය මනාව පැහැදිළි කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්