ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

Spread the love

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ගම්පහ මහාධිකරණ හමුවේ ඉයේ (01) නඩුව කැඳවූ අවස්ථාවේදී එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. මෙලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු LTTE සාමාජිකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් සහ ගම්පහ හිටපු පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂමන් කුරේ නැමැති සැකකරුවන් දෙදෙනායි.

2008 වර්ෂයේ අප්‍රේල් මස 6 වෙනිදා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් 84 දෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම ඇතුළු චෝදනා 31ක් යටතේ නීතිපතිවරයා විසින් සැකකරුන්ට චෝදනා ගොනුකර තිබුණා.

 

Related Posts