බන්ධනාගාර ගතව සිටින ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකා මහතා ඔහුගේ සහෝදරයෙකුගේ මියගිය ඥාති දියණියකට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (28 අගෝ.) අවමංගල්‍ය උත්සවයකට සහභාගී විය.
කැළණිය – වෙදමුල්ලේ පිහිටි එම නිවස වෙත බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව සරත් ෆොන්සේකා අද පස්වරු 3.50 ට පමණ ඊට සහභාගී වුයේ විශේෂ අවසරයක් මත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි සඳහන් කරයි.
එහෙත්, මියගොස් සිටි තැනැත්තිය සරත් ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක වන නිසා ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතුවිය.