ජනාධිපති රාජපක්‍ෂට එරෙහි නඩුව ඉවත දමයි
- RSL
- October 26, 2011
- Uncategorized
- 0 Comments
ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂට එරෙහිව මෙල්බෝර්න් මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කොට ඇති යුද අපරාධ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීම ඕස්ටේ‍්‍රලියානු නීතිපති රොබට් මැක්ලීලන්ඞ් ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ සිඞ්නි පදිංචිකරුවෙකු වන අරුණාචලම් ජෙගදීස්වරන් නමැත්තා එම නඩුව පවරනු ලැබ ඇත.
නඩුව ඉදිරියට ගෙන ගියහොත් එය ඕස්ටේ‍්‍රලියානු නීතියට මෙන්ම ජාත්‍යන්තර නීතියට එරටෙහි ඇති බැඳීම් උල්ලංඝනය කිරීමක් වන බව නීතිපතිවරයා තීරණය කොට ඇතැයි ඒ.ඒ.පී පුවත් සේවය වාර්තා කරයි.