ජනතාව සැමදා පහළ ජිවන මට්ටමක සිටිනු දැකීම මගේ අපේක්ෂාව නොවේ – ජනපති
- RSL
- October 20, 2011
- Uncategorized
- 0 Comments
මඩකලපුව, වව්නතිව් ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරිම වෙනුවෙන් ඊයේ (19 ඔක්.) පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා පැවසුවේ “සැමදා පහළ ජිවන මට්ටමක සිටිනු දැකීම තම අපේක්ෂාව නොවන බවත් කොළඹට සිමා වු සංවර්ධනය රටේ සෑම ප්‍රදේශයකට ම ව්‍යාප්ත කිරීම රජයේ අපෙක්ෂාව බවත්ය.
මහින්ද චින්තන ප්‍රතිපත්තිය මගින් නගරයේ සංවර්ධනය ගම්වලට ගෙනයාමේ වැඩපිළිවෙළ සකස්කර ඇති බව පැවසු ජනධිපතිවරයා ඊට ජනතා සහය අවශ්‍ය බව සඳහන් කළේය.
සියලු දෙනාම සම අයිතිවාසිකම් ඇතිව ආත්ම ගෞවරවයෙන් ජිවත්විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.