ජනතාවට සාමකාමීව ජීවත්වීමට නිසි ආරක්ෂාව ලබා දෙන්න – ආනන්දසංගරී

Spread the love

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා ඉල්ලා සිටිනේඅ අහිංසක ජනතාවට සාමකාමීව ජීවත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදී නිසි වාතාවරණයක් සලසා දෙන ලෙසයි.

මෙහිදී යාපනය, පුනරීන් ප‍්‍රදේශයේ සිවිල් පරිපාලන කටයුතුවලට ආරක්ෂක අංශවල මැදිහත්වීම් සිදුවූ බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් තම අප‍්‍රසාදය පළකර ඇත.

පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත් දේශපාලන පක්ෂයක ක‍්‍රියාකාරකම් පිළිබඳව බලවත් විරෝධය මෙන්ම අප‍්‍රසාදය පළකරන බවත්, මැතිවරණයේදී වෙනත් පක්ෂ සඳහා බාධා එල්ල කළ ආරක්ෂක අංශ සාමාජිකයින් එම පරාජිත පක්ෂයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා සහයෝගය ලබාදුන් බවත් ඔහු කියා සිටී.

නිසි පරිදි රාජකාරි කටයුතු සිදුකරන ආරක්ෂක අංශ නිලධාරීන් වෙත ගෞරවය පිරිනමන නමුත්, ඇතැම් නිලධාරීන් ආරක්ෂක අංශවල කීර්ති නාමයට හානිවන අයුරින් කටයුතු කරන බවත් හෙතෙම පවසයි.

ඇතැම් හමුදා නිලධාරීන්ගේ ක‍්‍රියාකාරකම් නිසා එම ප‍්‍රදේශවල ජනතාව බියෙන් පසුවන බව ද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටී.

මේ සම්බන්ධයෙන් මැදිහත් වී. අවශ්‍ය පරීක්ෂණ පවත්වා අදාළ හමුදා නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

RSL

Related Posts