චෙන්නයි නාගරික පොලීසියෙන් ලාංකීය වන්දනාකරුවනට බාධා

Spread the love

චෙන්නයිහීදි පසුගියදා ලාංකීය වන්දනාකරුවනට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව එම නගරයේ පිහිටි හෝටල්වල ලාංකීකයන්ට නවාතැන් ලබාදීම චෙන්නයි නාගරික පොලීසිය විසින් තහනම් කර ඇතැයි වාර්තා වේ.

ජූනි මසයේ සිට වන්දනා සමය ආරම්භ වී ඇති නිසා ප්‍රදේශයට පැමිණෙන ශ්‍රී ලාංකීය වන්දනාකරුවන්ට නවාතැන් සැපයීම මහ බෝධි සංගමයට දැඩි දුශ්කර කාර්යයක් බවට පත්ව තිබේ.

මේ අතර උද්ගත වී ඇති තත්ත්වය නිසා චෙන්නයි නගරයට පැමිණීමෙන් වැළකී බුද්ධගයාව හරහා නවදිල්ලි නගරයට යෑමට වන්දනා නඩ සංවිධායකයින් කිහිපදෙනෙකු තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එවැනි නියෝගයක් ලබා නොදුන් බව චෙන්නයි පොලීසිය පවසයි.

 

RSL

Related Posts