චීනයට ගැති අපේක්ෂකයින්ට හොංකොං මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක්

Spread the love

චීන-ගැති මැතිවරණ කමිටුව විසින් තෝරා ගන්නා ලද අපේක්ෂකයින්ට කවුන්සිලයේ ආසනවලින් අඩක් පමණම හිමිවිය

චීනයට පක්ෂපාතී අපේක්ෂකයින් හොංකොං ව්‍යවස්ථාදායක කවුන්සිලයේ (ලෙග්කෝ) මැතිවරණය ජයග්‍රහණය කර ඇත. නගරයේ මෙතෙක් වාර්තා වූ අඩුම ඡන්ද ප්‍රතිශතය මෙවර දැකගත හැකිවිය.

චීනය විසින් නගරයේ මැතිවරණ ක්‍රමයට විශාල මෙන් ම මතභේදාත්මක වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව පළමු වරට පැවැත්වූ ව්‍යවස්ථාදායක කවුන්සිල මැතිවරණය මෙය යි.

ස්ථාවරත්වය සහතික කිරීම සඳහා මෙම වෙනස්කම් සිදුකළ බවට නිලධාරීන් තර්ක කළ මුත්, විචාරකයින් පවසන්නේ ඒවායින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කෙරුණු බව යි.

දෙසැම්බර් 20 වන දා, චීනය විසින් ‘හොංකොංහි ගතිලක්ෂණ සහිත ප්‍රජාතන්ත්‍රවාදය’ සංක්ෂිප්ත කළ ප්‍රකාශයක් ද එළිදැක්වී තිබුණි.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පැය කිහිපයකට පසු නිකුත් කරන ලද ධවල පත්‍රිකාවක් මඟින් චීනය කියා සිටියේ, තමන් හඳුන්වාදුන් වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස හොංකොං දැන් ‘ප්‍රතිසංස්කරණය වූ නව අදියරකට’ පිවිසෙන බව යි.

නමුත් බටහිර රටවල් කණ්ඩායමක් හොංකොං මැතිවරණ ක්‍රමයේ “ප්‍රජාතන්ත්‍රවාදී අංග බැහැරවීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල” ප්‍රකාශකර තිබේ.

“බලය පැවැරීමෙන් පස්සේ විවිධ දේශපාලන මත දරන අපේක්ෂකයින් හොංකොං මැතිවරණයට ඉදිරිපත් වී සිටියා. ඊයේ පැවති මැතිවරණය මෙම ප්‍රවණතාවය වෙනස් කරලා තියෙනවා,” ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, සහ නවසීලන්ත විදේශ අමාත්‍යවරු මෙන් ම බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ. “මෙම වෙනස්කම්වලින් විරුද්ධ දේශපාලන පක්ෂයන් නිහඬ කළා”

‘අන්තිමේ දිනන්නේ චීනයට හිතවත් කට්ටිය’

හොංකොංහි ‘කුඩා පාර්ලිමේන්තුව’ වන ව්‍යවස්ථාදායක කවුන්සිලය යනු නගරයේ නීති සම්පාදනය කරන සහ සංශෝධනය කරන ප්‍රබල ආයතනයකි.

ප්‍රාදේශීය පුවත් ආයතනයක් වන HK01 විසින් සිදුකෙරුණු එක් විශ්ලේෂණයකින් හෙළිවූයේ, එහි ආසන 90න් 82ක්ම චීන-ගැති කඳවුරේ සාමාජිකයින් විසින් දිනා ඇති බව යි. එක් අපේක්ෂකයෙකු පමණක් චීනයට විරුද්ධ දේශපාලන කඳවුරකින් පැමිණෙන අනෙක් අයගේ දේශපාලන පසුබිම් හෙළිවී නැත.

නගරයේ ලියාපදිංචි ඡන්දදායකයින් මිලියන 4.5ට මැතිවරණයට සහභාගී වන ලෙස රාජ්‍ය නිලධාරින් බලකර සිටි අතර, ඉරිදා පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දෙමින් ඡන්දය ප්‍රකාශ කිරීම දිරිමත් කිරීම සඳහා කෙටි පණිවුඩ ද එවමින් ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනයා පෙළඹවීමට උත්සාහ කළේ ය.

එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඡන්දදායකයන් දක්වා තිබුණේ උදාසීන බවක් වූ අතර, ඡන්ද දායකයින්ගෙන් 30.2%ක් පමණක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි. විසිවියේ පසුවන ගණකාධිකාරීවරියක් AFP පුවත් සේවයට පවසා තිබුණේ, “මගේ ඡන්දයෙන් කිසි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද, අන්තිමේ දිනන්නේ චීනයට හිතවත් කට්ටිය,” යනුවෙනි.

මැතිවරණය වර්ජනය කරන ලෙස හෝ, විරෝධතාවක් ලෙස තම ඡන්ද පත්‍රිකා හිස්ව තබන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඇතැම් ක්‍රියාකාරීන් ද අත්අඩංගුවට ගෙන තිබුණි. ඡන්ද පත්‍රිකාව හිස්ව තැබීම නීත්‍යානුකූල වන නමුත් එසේ කිරීමට යමෙකු පෙළඹවීම හෝ ඡන්දය ප්‍රකාශ නොකිරීමට දිරිමත් කිරීම මේ වන විට එහි නීතියට පටහැනි ය.

People queue to vote at a Hong Kong polling station
ඡන්ද මධ්‍යස්ථානයක දී ඡන්දය දීමට පෝලිම් ගැසී සිටින මිනිසුන්

මාර්තු මාසයේ දී, ව්‍යවස්ථාදායක කවුන්සිලය මූලික වශයෙන් වෙනස් කිරීමට දායක වූ “දේශප්‍රේමී හොංකොං පාලනය” නමින් යෝජනාවක් චීනය සම්මත කර ගත්තේ ය.

එයින්, මහජනතාවට සෘජුව ඡන්දය දී පත්කර ගත හැකි නීති සම්පාදකයන්ගේ අනුපාතය දැඩි ලෙස අඩුවූ අතර, අපේක්ෂකයින් වෙනම පරීක්ෂණ කමිටුවක් මඟින් අනුමත කළ යුතු බවට ද නීතියක් පනවා, දැඩි ලෙස චීන-ගැති මැතිවරණ කමිටුවට ද ආසන පත්කිරීමේ හැකියව ලබා දෙනු ලැබුණි.

මහජන ඡන්දයෙන් සෘජුව තේරී පත්වන නියෝජිතයන් ගණන, ව්‍යවස්ථාදායක ආසන 90න් 20ක් පමණි. චීන-ගැති මැතිවරණ කමිටුව ඉතිරියෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් තෝරා ගන්නා අතර, අනෙක්වා ව්‍යාපාර සහ වෙළඳාම වැනි විශේෂ ක්ෂේත්‍රයන්හි කණ්ඩායම් විසින් තෝරාගැනේ. ඔවුන් ද අතීතයේ පටන්ම චීනය දෙසට නැඹුරුවූවන් ය.

2019 දී පැවති දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවලින් පසුව, හොංකොංහි පාලනය දැඩි කිරීම සහ සියලු තරාතිරම්වල කණ්ඩායම්වල පක්ෂපාතීත්වය ලබා ගැනීම උදෙසා වූ චීන සැලැස්මේ කොටසක් ලෙස මෙම පියවර සැළකේ.

ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි විරෝධතාකරුවන්ට දඬුවම් කිරීම පහසු කරමින් චීනය නව ජාතික ආරක්‍ෂන නීතියක් හඳුන්වාදීමෙන් පසු පැවැති පළමු මහ මැතිවරණය වන්නේ ද මෙය යි.

line

මාර්ටින් යිප් – හොංකොංහි බීබීසී චීන සේවය වෙත කරන විශ්ලේෂණය

එය පුවත්පත් මධ්‍යස්ථානයේ සිටි මාධ්‍යවේදීන්ට කිසිදු විශේෂ සිදුවීමකින් තොරව ගෙවුණු රාත්‍රියකි. නමුත් චීනයට ගැති පක්ෂවලින් විශාලතම පක්ෂය වන DABහි නම් ජයග්‍රාහී රාත්‍රිය එය යි. “DAB නිසැකවම දිනුම්,” ඔවුහු ජය ඝෝෂා කළ හ. ආසන සංඛ

Related Posts