ගෝඨාභයගේ ජයග්‍රහණයට අමෙරිකාවෙන් සුභ පැතුම්..!

Spread the love

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් ඇමෙරිකානු තානාපතිවරයා ඒ බව සඳහන් කර ඇත.

ඇමෙරිකානු තානාපතිවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එලෙස සුබ පැතුම් එක් කර තිබෙන අතර එහි මෙසේ ද දැක්වේ.

“ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාත්ත්‍රවාදී තෝරාගැනීම වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කරනවා. ශක්තිමත් හා ස්වෛරී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සහාය දීම සඳහා යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම් සහ සංහිඳියාව දියුණු කිරීම යන කරුණු හා අංශ සම්බන්ධයෙන් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි ද එහි දැක්විණි.

RSL

Related Posts