ගෝඨාණ්ඩුව කොවිඩ් මර්දනයට විදේශාධාර ඉල්ලන අතරේ, ඇමතිවරුවන්ට කෝටි 350ක සැප වාහන ඇණවුම් කරයි..!

Spread the love

ආණ්ඩුව විසින් වාහන ආනයනය නතර කර ඇති බව ජනතාවට පවසද්දී හොර රහසේම සිදු කරන මහා අකටයුතු කමක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තාවනවා.

කොරෝනා වසංගතයට මුහුණ දීමට බව පවසමින් ගිලන්රථ 50ක් ගෙන්වීමට මුවා වී අධිසුඛෝපභෝගී වාහන 349ක් ආනයනය කිරීමට යි මේ වන විට සැලසුම් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් වාහන ආනයනය කිරීම තහනම් කර තිබියදී ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5 ක ලීසිං පහසුකම් යටතේ අධිසුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ වාහන 228 ක් ඇතුළු වාහන 399ක් ගෙන්වීම සදහා පියවර ගනිමින් තිබෙන බව වාර්තා වනවා.

පසුගිය අප්‍රේල් මාසයේ 29 වනදා මෙම වාහන ආනයනය සදහා වන ණයවර ලිපිය විවෘත කර ඇත.

ජපන් යෙන් වලින් ගෙවිය යුතු 2755 සීසී ආසන 07 ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ 227ක්, 6403 සීසී හිනෝ කැබ් 52, හයි ඒස් ඇම්බියුලන්ස් 50 සහ ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවිය යුතු ටොයෝටා ලෑන්ඩ් කෘසර් 1, හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් 69ක් මෙසේ ආනයනය කිරීම සදහා මූල්‍ය පහසුකම් සළසා තිබේ.

මෙම වාහන රජයේ භාවිතය සදහා ආනයනය කෙරෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කලද එහි වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.

රට තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් මර්දන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආණ්ඩුවෙන් වෙන් කිරීම් ප්‍රමාණවත් නොවන බැවින් මෙරට ධානපතියන්ගෙන් සහ විදේශගත ලාංකිකයන්ගෙන් ආධාර ඉල්ලීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින පසුබිමක මෙම අධිසුඛෝපභෝගී වාහන ‍තොගය ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම පුදුමය දනවන්නක්.

උපුටා ගැනීම: මීමැස්සෝ ඩොට් එල්කේ

RSL

Related Posts