ගුරු වෘත්තිය සඳහා බඳවාගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්
- Editor
- November 24, 2022
- ප්‍රතිපත්ති සහ සංවර්ධන
- 0 Comments
ගුරු වෘත්තිය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.
ඒ අනුව විද්‍යා පීඨ 19 එකතු කර නිර්මාණය කරන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හරහා අවුරුදු 4 ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පසු පාසල් පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4 කට පාසල් වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ.
අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් යොමු කරන ලද පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මේ බව සඳහන් කළා.

