ගිවිසුමට අත්සන් තබයි: කොළඹ වරායේ බටහිර පර්යන්තයෙන් 51%ක් අදානි සමාගමට
- Editor
- September 30, 2021
- පුවත් සහ වාර්තා, විමර්ශන
- featured
- 0 Comments
ඉන්දියාවේ අදානි සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WCT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා එහි දේශීය හවුල්කරු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා අයිතිය පැවරීම (BOT) ගිවිසුමකට අද (30) දින අත්සන් තබා ඇත. මෙම ගිවිසුම ඇමරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවන ආයෝජනයකි.
මේ අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ කොටස් හිමිකාරීත්වයෙන් 51% ක් අදානි සමාගමටත්, මෙරට නියෝජිත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙත 34% ක් සහ වරාය අධිකාරිය 15% ක් ගිවිසුම අනුව හිමිවනු ඇත.

