ගල් අඟුරු නෞකාවක් දිවයිනට

Spread the love

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ හමුවක් අද (26) පවත්වා තිබෙනවා.

ඒ අනුව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන් කරගැනීම සහ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් මෙලෙස පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම කාලසීමාව වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 38න් පළමු නෞකාව ඊයේ රාත්‍රී පැමිණි අතර මීළඟ නෞකාව 31වන දින පැමිණීමට නියමිතව තිබෙනවා.

Related Posts