කොළඹ වරාය නගර පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

Spread the love

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (6) ලැබී ඇත.

 එම තීරණය  එළඹෙන 18 වන දින කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී රැස්වීමට නියමිත  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙතෙක් කථානායකවරයාට නොලැබීම හේතුවෙන් පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබු විවාදය නොපැවැත්වීමට    කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වන දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  තීරණය කෙරිණ.

Related Posts