කොළඹට ඩෙල්ටා සුනාමියක් – ආචාර්ය ජීවන්දර කරන හෙළිදරව්ව

Spread the love

කොළඹ නගරය තුළ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත් භයානක ලෙස පැතිර ගොස් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

තම ට්විටර් ගිණුම හරහා ප්‍රස්ථාරයක් අනුසාරයෙන් කොළඹ නගරයේ පැතිරීම පෙන්වා දෙන ආචාර්ය ජීවන්දර, ජූලි මස පළමු සතියේ 19.3% ක් වූ ඩෙල්ටා ආසාදිතයන් හමුවීමේ ප්‍රතිශතය ජූලි මස අවසන් සතිය වන විට 75% කට වඩා වර්ධනය වී ඇතැයි ද මෙම දත්තයන් විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර වෙත ලැබුණු PCR පරික්ෂණ විශ්ලේශණය කිරීමෙන් ලබාගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසයි.

Related Posts