කොවිඩ් එන්නත මගින් ‘මද සරුභාවය හෝ වඳභාවය‘ සිදු නොවන බව අවධාරණය කෙරේ

Spread the love

ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිම සම්බන්ධයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය අවධාරණය කළාය.

ඇය මේ බව සදහන් කළේ ‘ එන්නත්කරණයට එරෙහි මතවාද පරාජය කරමු‘‘ යන මැයින් අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එන්නත් නිසා මදසරුභාවය වද භාවයට පත්වෙතැයි සමාජයේ පවතින ඇතැම් මත වලට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද චිත්‍රමාලීද සිල්වා මහත්මිය කියා සිටියාය.

කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් තරුණයින් බියක් දැක්වීම ගැන විශේෂයෙන් කරුණු සදහන් කළ සිල්වා මහත්මිය අවධාරණය කර සිටියේ මිත්‍යා විශ්වාසවලට රැවටී තම ජීවිතය සහ අන්‍යයන්ගේ ජීවිත අවදානමේ හෙළිමට තරුණයින් යොමු නොවිය යුතු බවයි.

Related Posts