කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගනී! නව කොරෝනා වෛරසයෙන් 81ක් මරුට (වීඩියෝ)

Spread the love

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද දෙරණට ප්‍රකාශ කළේ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් ආසාධිත තත්ත්වයෙන් අංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබේ.

මේ වනවිට චීනය තුළ පමණක් වෛරසය හේතුවෙන් පුද්ගලයින් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ආසාධිතයින් බවට තහවුරු කරගත් සංඛ්‍යාව 2,827කි.

ඉන් 461 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව චීන නවතම වාර්තාවල සඳහන් වෙයි.

මීට අමතරව නව කොරෝනා වෛරසය ආසියානු රටවල් 7කින් වාර්තා වෙයි.

ඒ, තායිලන්තයෙන් රෝගීන් 08 ක්, සිංගප්පූරුවේ 04 ක්, ජපානයෙන් 03 ක්, මලයාසියාවෙන් 04 ක්, වියට්නාමය 02 ක්, දකුණු කොරියාව 04 ක් සහ නේපාලයේ එක් රෝගියෙකු ලෙසයි.

මේ අතර චීනයේ වාණිජ නගරයක් වන ෂැංහයි හි ආසාධිතයින් 53 දෙනෙකු වාර්තා වීමත් සමග නගරයේ සියලු ව්‍යාපාර කටයුතු එළඹෙන 09 වනදා දක්වා අත්හිටුවා තිබේ.

අද වනවිට චීනයේ විවිධ පළාත්වල වාසය කරන ශ්‍රී ලාංකිකයින් ගණන 660කි.

ඒ අතරින් බොහෝ දෙනෙකු මේ නව කොරෝනා වෛරසය හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී තිබේ.

RSL

Related Posts