කැරොලයින්ගේ කිරුළ අයර්ලන්තයේ කේට් ස්නයිඩර්ට

Spread the love

පසුගිය දා පැවැති ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගළවා දෙවැනි තැන දිනාගත් කාන්තාවට පැළදීමට ක්‍රියාකිරීම හේතුවෙන් අර්බුදයකට ලක් වූ 2020 ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි මහත්මියගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධාන කළ Mrs. World Inc ආයතනය විසින් පිළිගත් බව එම ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

Caroline Jurie no longer Mrs. World; Mrs Ireland takes the crown

ඒ අනුව 2020 ලෝක විවාහක රු රැජිණ කිරුළ අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් මහත්මියට හිමිවූ බවත් ඇය 2020 ලෝක විවාහක රූ රැජින ලෙස ලෝක විවාහක රූ රැජන සංවිධායක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

පසුගියදා මෙරට පැවැති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගය අවසානයේ මතු වූ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් කැරොලයින් ජූරි සිය ලෝක විවාහක රූ රැජන කිරුළ අත්හැරීමට තීරණය කළා.

Related Posts