ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිඟ වැටුප් 15ට පෙර දෙනවා – ක්‍රීඩා ඇමති
- RSL
- December 1, 2011
- ක්‍රීඩා
- පාර්ලිමේන්තුව, මහින්දා නන්ද අළුත්ගමගේ, රවි කරුණානායක, ශ්‍රි ලංකා ක්‍රිකට්
- 0 Comments
ලබන 15 වනදාට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලබාදිය යුතු හිඟවැටුප් ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා අද (01) පැවසීය.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පා.ම රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඩොලර් මිලියන 4.5 ක මුදල ඉදිරියේදී ලැබීමට නියමිත බවයි.
පසුගියදා වාර්තාවී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ක්‍රීඩකයින් 100 කට පමණ වැටුප් ගෙවා නොමැති බවයි.