කල්කටාවේ රෝහලක ගින්නකින් මේවන විට 70කට අධික සංඛ්‍යාවක් මරුට
- RSL
- December 9, 2011
- විදේශීය
- කල්කටා නගරය, ගිනි අනතුරු
- 0 Comments
ඉන්දියාවේ කල්කටා හී පිහිටි රෝහලක ඇති වූ ගින්නෙන් මේ වනවිට ලැබී ඇති තොරතුරු වලට අනුව 73 දෙනෙකු මිය ගිය බව සඳහන් වේ.
අද උදෑසන පිපිරීමක් සමග ඇති වූ ගින්නෙන් මහල් පහකින් සමන්විත AMRI නමැති රෝහල තුල ගින්නක් හට ගත් අතර ඒ හේතුවෙන් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුල සිර වූහ.
ගින්නත් සමග ඇති වූ අධික දුමාරය මෙසේ රෝගීන් සහ අනෙකුත් පුදගලියින් ඉන් බේරීමට ඇති ඉඩ අඩු කළ බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වන ඒජන්සි පුවත් සේවා වාර්තා කරයි.
එසේම අදාළ ගින්න හේතුවෙන් මිය ගිය අයගේ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව වාර්තා වේ. අදාළ රෝහලේ මෙවැනිම ගින්නක් 2008 දීද ඇතිවී ඇත.