නිශ්චිත නොවන චෝදනා මත කටාර්හි රඳවා සිටින හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් අට දෙනෙකු සඳහා ඉන්දීය නිලධාරීන් කොන්සියුලර් ප්‍රවේශය ලබා දී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දෙවන කොන්සියුලර් ප්‍රවේශය ඔවුනට ලබා දී ඇති බව යාවත්කාලීන තොරතුරු දක්වයි. අපගේ තානාපති කාර්යාලයේ නිලධාරීන්ට රැඳවියන් හමුවීමට සහ ඔවුන්ගේ යහපැවැත්ම සොයා ගැනීමට හැකි විය. මෙම නඩුවේදී හැකි සෑම කොන්සියුලර් සහායක්ම ඔවුනට ලබා දෙන්නෙමු,” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දම් බග්චි සතිපතා මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

ඔහු නැවතත් අවධාරනය කරනු ලැබුයේ ඉන්දීය තානාපති කාර්යාලය මෙම නඩුව ක්‍රියාකාරීව කරගෙන යන බවයි. එම පවුල් වල සාමාජිකයින්ට වීසා බලපත්‍ර ලබා නොදීම සම්බන්ධව සාකච්ඡා කර ඒ සඳහා පහසුකම් සැලසීමට උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය. එහි සිටින අයගේ පවුලේ සාමාජිකයන්ගේ මානසික මට්ටම පිළිබද තමාට වැටහෙන බවත් ඔවුනට දෝහා වෙත යාමට පහසුකම් සැලසීමට උත්සාහ කරන බවත් බග්චි පැවසීය.

මෙම පුද්ගලයින් අට දෙනා මාස හතරකට ආසන්න කාලයක් රඳවාගෙන ඇත.කටාර් සන්නද්ධ හමුදාවන්ට පුහුණුව සහ අනෙකුත් සේවාවන් සපයන පුද්ගලික සමාගමක සේවයේ යොදවා ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්