ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වේ

Spread the love

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති දෙවන ටෙස්ට් තරඟය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 174 පිළිතුරු වශයෙන් ඕස්ට්‍රෙලියානුවෝ කඩුලු 7 කට ලකුණු 411 ලබාගත අතර එහිදී තම ප්‍රථම ටෙස්ට් තරඟයට සහභාගී වූ ශොන් මාර්ෂ් ලබාගත් ශතකය සහ මයික් හසී ලබාගත් ශතකය විශේෂයෙන් කැපී පෙනෙන්නට විය.

තම දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවන ඉනිමේදී ලකුණු 237 ක් පිටුපසින් පසු විය. කෙසේ නමුත් පළමු ඉනිමේදී දැක්වූ දුර්වල පිතිහරඹය යම්තාක් දුරට මග හරවා ගනිමින් තරඟයේ අවසන් දිනය වන අද දිනය අවසානයේදී කඩුලු 6 පමණක් දැවී ලකුණු 317 ක් ලබා ගනිමින් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරලීමට සමත් විය. මෙහිදී ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (51) අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය. 

දිනයේ දවල් කාලයේදී අද හැලුනු වරෂාවද පරජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවහල් විය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව 174 සහ 317/6

ඕස්ට්‍රේලියාව 411/7 (තරඟය ජය පරාජයෙන් අවසන් විය.)

RSL

Related Posts