ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් CEYPETCO ආයතනයට රුපියල් 126 ක ලාභයක්
- Editor
- November 14, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
මිල සංශෝධනයෙන් පසු CPC ඛනිජ තෙල් නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් වාර්තාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අදාළ වාර්තාවට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 22.71 ක ලාභයක් ලබන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ලබන ලාභය රුපියල් 126.49 ක් වනවා.
එසේම ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 0.89 ක ලාභයක් සහ සූපර් ඩීසල් ලීටරයකින් රුපියල් 36.50 ක ලාභයක් ලබන බවයි එහි දැක්වෙන්නේ.
භූමිතෙල් අලෙවියෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 2.10 ක ලාභයක් ලබන බවයි අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

