ඉන්දුනීසියාවේ බාලිහි නොවැම්බර් 14-16 දක්වා පැවැත්වෙන 17 වැනි ජී 20 නායක සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනෙකුත් ලෝක නායකයින් සමඟ ආහාර සහ බලශක්ති සුරක්ෂිතභාවය ඇතුළු ගෝලීය ගැටළු පිළිබඳව පුළුල් සාකච්ඡා පවත්වනු ඇත.

නොවැම්බර් 14-16 දක්වා පැවැත්වෙන 17 වැනි ජී 20 නායක සමුළුවට සහභාගී වීමට පෙර ඔහුගේ පිටත්වීමේ ප්‍රකාශයේ දී අගමැති මෝදි පැවසුවේ, “බාලි සමුළුව අතරතුර, ගෝලීය අවධානයට ලක්වන ප්‍රධාන කරුණු වන ගෝලීය වර්ධනය, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව, පරිසරය, සෞඛ්‍යය සහ ඩිජිටල් පරිවර්තනය යනාදිය පුනර්ජීවනය කිරීම යන කාරණා පිළිබඳව තමා අනෙකුත් ජී 20 නායකයින් සමඟ පුළුල් සාකච්ඡා පවත්වන බවයි.

බාලි සමුළුවේ සමාප්ති උත්සවයේදී ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ විසින් ජී-20 සභාපති ධුරය ඉන්දියාවට භාර දෙනු ඇත. මෙය රටට සහ පුරවැසියන්ට වැදගත් අවස්ථාවක ලෙස අගමැති මෝදි විස්තර කළේය.

ඉන්දියාව 2022 දෙසැම්බර් 1 වැනිදා සිට ජී-20 සභාපතිත්වය නිල වශයෙන් භාරගනු ඇත. බාලි හි සිටින අතරතුර, අගමැති මෝදි ජී-20 සාමාජිකයින්ට සහ ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ජී-20 සමුළුවට අනෙකුත් ආරාධිතයින්ට පුද්ගලික ආරාධනයක් ද සිදු කරනු ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයේ සඳහන් කළේය. ජී-20 සමුළුවට සමගාමීව සහභාගී වන තවත් රටවල් කිහිපයක නායකයින් හමුවී ඔවුන් සමඟ ඉන්දියාවේ ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කරන බවයි. නොවැම්බර් 15 වැනිදා පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයකදී බාලි හි ඉන්දීය ප්‍රජාව ඇමතීමට ද තමන් බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

ජී-20 සමුළුවේදී ඉන්දියාවේ ජයග්‍රහණ සහ ගෝලීය අභියෝගවලට සාමූහිකව ආමන්ත්‍රණය කිරීමට ඉන්දියාවෙ නොසැලෙන කැපවීම ඉස්මතු කරන බව අගමැති පැවසීය.

ඉන්දීය අගමැති මෝදිට අනුව,ඉන්දියාවේ ජී-20 සභාපති ධූරය “එක් පොළොවක් එක පවුලක් එක් අනාගතයක්” යන තේමාව මත පදනම් වනු ඇත. එය සමානාත්මතාවයේ වර්ධනයේ පණිවිඩය සහ සැමට අනාගතයක් බෙදාහදා ගනී යැයි ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් පවසයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්