එ.ජා. සංවිධානයේ කාර්යභාරය පිළිබඳව බලාපොරොත්තු කඩ නොකිරීමට ජගත් සංවිධානයට වගකීමක් ඇත – නවී පිල්ලෙයි

Spread the love

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 18 වැනි සැසිය ඊයේ (12 සැප්.) ජිනීවා හිදී ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රධානී නවී පිල්ලේ කියා සිටියේ හදිසි නීතිය දීර්ඝ නොකිරීමට ගත් තීරණයෙන් නොනැවතී, ආරක්‍ෂාවට හා පුද්ගලයින් රඳවා ගැනීමට අදාළ සියළුම නීතිරීති පිළිබඳව පූර්ණ සමාලෝචනයක් සිදු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රධානී නවී පිල්ලේ ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.

ත‍්‍රස්තවාදයට එරෙහිව රාජ්‍යයන් විසින් පිළිපදින පියවර මඟින් මානව හිමිකම් උල්ලංඝණය වන බව එජා මානව හිමිකම් ප‍්‍රධානියා පැවසුවාය.

ශී‍්‍ර ලංකාවේ ද එවැනි තත්ත්වයක් පවතින බව කියා සිටි පිල්ලේ මහත්මිය, ත‍්‍රස්තවාදයෙන් බැටකෑ එරටෙහි රජයන් මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ ස්වාධීන ආයතනවලට බලපෑම් සිදුකළ බව කියා සිටියාය.

මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි කාර්යභාරය පිළිබඳව ඉතා බලාපොරොත්තු පවතින බව පැවසූ ඇය එම බලාපොරොත්තු කඩ නොකිරීමට ජගත් සංවිධානයට වගකීමක් තිබෙන බවද කියා සිටියාය.

 

 

RSL

Related Posts