එක්නැලිගොඩගේ අතුරුදන්වීම පිළිබදව අභියාචනාධිකරණය වාර්තාවක් ඉල්ලයි
- RSL
- August 24, 2011
- Uncategorized
- 0 Comments
ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම පිළිබදව පරික්ෂණ විභාගයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (13 අගෝ.) හෝමාගම මහේස්ත්රාත්වරයාට නියම කළේය.
ඔහුගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ දරුවන් දෙදෙනා ඊට අදාළව අධිකරණයට ගොනු කළ හෙබයාස්කෝපස් පෙත්සම සලකා බැලීමෙන් පසුව එම නියෝගය කරනු ලැබිණි.
ඊට අදාළ පෙත්සම් සහ ලිපිගොනු ගෙන්වාගෙන මෙම විභාගය පැවැත්විය යුතු බව ඩබ්ලිව්.එල් රංජිත් සිල්වා, ඩි.ඇස්.සී.ලේකම්වාසම් යන විනිසුරු මඩුල්ල හෝමාගම මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර තිබේ.
රටේ නීතිය අනුව පුරවැසියන්ගේ අතුරුදන්වීම පිළිබදව රජය වගකිවයුතු හෙයින් වගඋත්තරකරුවන්ට අදාළව මහේස්ත්‍රාත් විභාගයක් පැවැත්විය යුතු බව නීතිඥයින් සදහන් කළේය.