එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
2026 ජනවාරි 22 වන දින ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගී වීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසනය 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔවුන් එක් දින ක්‍රිකට් තරග 03කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

