උණවටුනේ ගැටුමකදී විදේශිකයින් සිව්දෙනෙකු තුවාල ලබයි

Spread the love

උණවටුනේ වෙරළ හෝටලයකදී ගැමියන් හා විදේශිකයන් අතර හටගත් ගැටුමකින් විදේශිකයන් පස් දෙනකු ද ගැමියන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

අදාළ අවන්හලේ පසුගිය දා (21 ඔක්.) රාත්‍රී පැවති සාදයක් අතරතුර මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී තුවාල ලැබූ විදේශිකයින් අතරට රුසියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ ප්‍රංශ ජාතිකයෙකු අයත් බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ විදේශිකයින් හා ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

RSL

Related Posts